Menu

logo new 2015-5-11

විජේවිර, විප්ලවය හා චිත්‍රාංගනි නම් මව

පශ්චාත් නිදහස් සමය ගත් විට රෝහණ විජේවීර තරම් මෙරට ග්‍රාමීය තරුණ පරපුර තුළ ආස්වාදයක් ඇති කළ වෙනත් දේශපාලන නායකයකු නොමැති තරම්ය. එය, ඔහුගේ දේශපාලන සතුරන් පවා පිළිගන්නා කාරණයකි. රාජ්‍ය ක්‍රියාකාරිත්වය දැඩිව ප්‍රශ්න කරමින්, ඊට එරෙහිව ගැසූ අසාර්ථක කැරලි දෙකකට නායකත්වය සපයමින් එය මෙහෙයවූ විජේවීරගේ දේශපාලන භාවිතාව සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේ විවිධාකාරව වූ කියවීම් ය. කෙනකු ඔහුව වීරයකු ලෙස දකිද්දී, තවත් අයකුට අනුව ඔහු ද්‍රෝහියෙක් විය. කෙසේ වෙතත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම මේ සටහන තුළ අපගේ අරමුණ නොවේ. අප සූදානම් වනුයේ ඊට වඩා වෙනස් කාරණයක් පිළිබඳ කථා කෙරුමටය.

Read more...

මම මම වීම හෙවත් නීට්ෂේනියානු ශාන්තිය

දසත විසිරුණු මල් පෙති කුමක්දෝ කතාවක් කියන්නට ගොස් ලත් තැනම ලොප් වී ඇත්තා සේය. නමුදු මල් පෙති එකින් එක පිරිමද්දමින් යළි එය සැකසිය යුතුව ඇත. මම ඒ ඉසියුම් වූ කාරණාවට අත ගසන්නෙමි. චේතනාව පාරිශූද්ධය. නමුත් අමනත්වයේ නාමයෙන් ස්වකීය භාවිතාව වරෙක උත්කර්ෂත්වයට නැං වූ ‘නෝ විසිටර්ස් ප්ලීස්‘ බෝඩයක් තම නිවසේ දොරෙහි එල්ලාගෙන තනිව ජීවත් වූ ඒ මිනිසා කවරෙක් දැයි කියා මා මුලින්ම ඔබට කිව යුතුව තිබේ. සැබැවින්ම ඔහුගේ ඒ අපේක්ෂාභංගත්වය තුළ කොයිතරම් නම් පශ්චාත්තාපයක් ගැබ්ව තිබුණා දැයි කියා අවලෝකනය කිරීමට ඔහුගේ ගෙදොරෙහි එල්ලා තිබූ බෝඩයම සාක්ෂියකි. එනම් කර්තෘ හර්මන් හෙස ය. බීමතින් පාරවල්වල ඇවිද ගොස් කොකේන් පානයට පවා පුරුදුව සිටි කළු භාවිතාවක් සහිත වූ සුදු පරිකල්පනාත්මක මිනිසා ඔහුය. ඔහු අතින් බිහි වූ නිර්මල කුසුමක් වැනි වූ සිද්ධාර්ථ නම් වූ ග්‍රන්ථය ගැන කියවීමක නිරත වීම අපගේ මෙම ලිපියේ අභිලාෂයයි.

Read more...

එක්නැලිගොඩ ගැන ශාන්ත කතා කරයි.

එක්නැළිගොඩව අතුරුදන් කළේ 2009 ජනවාරි 24 වෙනිදාය .ඒ 2010 ජනාධිපතිවරනයට දින (26) දෙකකට පෙරාතුවය. ඔහු අතුරුදන් කර 2016 ජනවාරි 24 වෙනි දිනට අවුරුදු 06 ක් ගත වනු ඇත. මේ කාලය තුළ ,සැබෑවින් එක්නැළිගොඩව අතුරුදන් කළේද? අතුරුදන් කළේ නම් එය සිද්ධ කළේ කාගේ උවමනාවටද? යන්න සොයා බැලීම සදහා ලංකාවේ ඊනියා ජාතික පුවත්පත් ඒ වෙනුවෙන් පිටු කීයක් වෙන් කළේද? එක්නැළිගොඩ නැමැති මාධ්‍ය සගයා පැහැර ගෙන ගොස් අතුරුදන් කළ, අලුගොසුවන් පිටු පස ලුහුබැද ගොස් ඔහුන් හෙළිදරව් කරන්නට එම ඊනියා පුවත්පත් වල මාධ්‍යවේදීන් උනන්දුවක් දැක්වුයේද? නමුත් හමුදා බුද්ධි අංශ එක්නැළිගොඩ එල්.ටි.ටි.ඊ. සමග සම්බන්දයක් පවත්වා ඇතැයි කී සැනින් සත්‍ය අසත්‍යව ගවේෂණය කිරීමකින් තොරව එම ප්‍රවෘත්තිය ඵල කරන්නට ඔහුන් දැක්වු උනන්දුව හා වෙන් කළ හා ඉදිරියේ දී වෙන් කිරීමට නියමිත පිටු ගණන, අතුරුදන් කළ දින සිට මේ වන තෙක් ඔහු ගැන සොයන්නට වෙන් කළ පිටු ගණනට වඩා වැඩිය. ඊනියා ජාතික පුවත්පත් හා එම පුවත්පත් වල සේවය කරන ජන මාධ්‍යවේදීන් එක්නැළිගොඩ එල්.ටි.ටි.ඊ. සමාජිකයකු යැයි හංවඩුව ගසා ඔහුව ද එල්.ටි.ටි.ඊ. මළ කදන් ගොඩට එකතුකර එක්නැළිගොඩ අතුරුදන් කළ සිද්ධිය වසන් කිරීමට යත්න දරමින් සිටිති.

Read more...

සීමා විරහිත ජවිපෙ සහයකයින්ගේ’ ප්‍රතිපත්ති විරහිතභාවය සහ න්‍යායික දරිද්‍රතාව - සුමිත් චාමින්ද

ජවිපෙ මැතිවරණ ප්‍රකාශණය, පළාත් සභා ක්‍රමය පවා අහෝසි කොට සිංහල ජාතික අධිපතිවාදය වෙනුවෙන් වඩාත් බලවත්ව (හෙළ උරුමය සහ එජනිසයද ඉක්මවා යමින්) පෙනී සිටින බව අප පෙන්වා දුන් පසුව ඒ පිළිබඳව මූනත්තහඩු පොතේ විවාදයක් ඇති විය. බුද්ධිමය දරිද්‍රතාවයකින් පෙලෙන ‘රාවය’ වැනි පුවත්පත් සමකාලීන දේශපාලන ගැටළු පිලිබඳ හරයක් ඇති සංවාද කිරීම අත් හැර ඇති පසුබිමක මෙවන් විවාදයක් නිර්මාණය වීම සාධනීය ප්‍රවනතාවක් යයි සිතමි.

Read more...

පුදපු ගමන් කාපි යකා

පසුගිය ජනාධිපතිවරණයේදීත් ඊට පසුවත් කිසිදු විවේචනාත්මක දැක්මකින් තොරව මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහාය දුන් ලිබරල් සිවිල් සමාජයේ බහුතර පිරිස දැන් ඔහු මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් පවසන්නේ මේ සියවසේ මහා පාවාදීම සිදුකළ බවයි. එහිම දිගුවක් ලෙස තවත් අයෙක් පවසන්නේ පක්ෂයකට සම්බන්ධ ඔහු වැන්නෙක් නොදමා ජනාධිපතිවරණයට සෝභිත හාමුදුරුවන් වැනි අපේක්ෂකයෙක් යොදා ගත්තේ නම් තත්වය වෙනස් වනු ඇති කියාය. කෙසේ වුවත් සියල්ලන්ම සිය අදහස් පළ කරන්නේ යහපාලන කතිකාව කේන්ද්‍ර කොටගෙනය. රනිල්-මෛතී‍්‍ර දීගය මාස හයකට එහා ගෙන යා නොහැකි වූයේ මන්ද යන්නට ලිබරල් සිවිල් බුද්ධිමතුන්ගේ හා මාධ්‍ය වේදීන්ගේ සෝ සුසුම් හැරුණු විට තවමත් පැහැදිලි දේශපාලනික විග‍්‍රහයක් දක්නට නොමැති තරම්ය.

Read more...

ජවිපෙ:වමේ අභියෝගය සහ යථාර්ථය

දේශපාලන සන්ධාන සහ පක්ෂ රැසක් තරඟ වදින අගෝස්තු මහ මැතිවරණයේ තුන්වැනි බලවේගය ලෙස ඇතැමුන්ගේ අවධානයට ලක් වෙන ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රබල අභියෝගය එල්ල කෙරෙන එක්සත් ජාතික පෙරමුණට සහ එක්සත් ජනතා සන්ධානයට පෙර ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනය සමාජගත කිරීමට සමත් විය.

Read more...

සරත් එන් සිල්වාගේ ඇදුම් දැක්කාද ?

මිනිසුන් ඇඳුම් අඳින්නේ විලි වසා ගැනීමටද? නැත්නම් අනිත් එකාත් අඳින නිසා දැයි යන පැනය අපේ සිහියට නැගෙන්නේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ ක්‍රියාකාරකම්දෙස බලද්දීය. සරත් සිල්වා පෙරේදා (01) ඇසළ පොහෝ දා බණ අසන්නට මැදමුලනට ගොස් මහින්දගේ හා ශිරන්තිගේ ලගින්ම වාඩිවී එම දෙපළගේ මගුල් දවසේ දෙවන මලමාලයාට හිටියාක් මෙන් ‘මහින්දගේ දේශපාලන අවමගුල් උළෙලේත්' මහින්ද හා ශිරන්ති ළගින්ම සිටිනු දක්නා ලදී. සැබෑ මිතුරන් එසේය.

Read more...

සංක්‍රාන්තිකයක කාන්තිය

පාර්ලිමේන්තුව විසුරුවා ඇත. අගෝස්තු 17 මහමැතිවරණය පැවැත්වීමට නියමිතය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරෙන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතැයි සපථ කළ මෛතී‍්‍ර, චම්පික, රාජිත, තුන්බෑයන් සියලූ ලෝක ධර්මයන්ට වඩා දේශපාලන චෙස් පුවරුවේ නීති ධර්ම ප‍්‍රමුඛ වන බව යළිත් පෙන්වා තිබෙයි.

Read more...

මරණ හයක් මැද ජනපති පැණි කෑමට යාම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විට  මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය. යන්න වෙනස් කොට මරණ සතක් ඇති ජනපති පැණිකෑමට යාම යනුවෙන් අර්ථ ගන්නවා ආරෝපණය කළහැකිව ඇත.
මෙය ඉතා අල්ප වූ  දේශපලාන විඥානයක් සහිත පුද්ගලයෙකුට වුව සිතාගැනීමට හැකියාව ඇති තත්වකි. මෙවන් පසුබිමක සිටියදී වුව ජනාධිපති මෛත්‍රීපාල එදිනෙදා පැවැත්වෙන උත්සවයන් හා විවෘත කිරීම් සදහා සිනාමුසුව මුහුණ දී සාමාන්‍ය ජීවන විලාසයක් පෙන්නුම් කරමින් සිටී.
Read more...

අලිබබා හැර හොරු හතළිහට ආලය කිරීමේ ‘යහපාලනය’ හෙවත් මෛත්‍රීපාල සිරිසේනගේ ද්විත්වය - ගාමිණී වියන්ගොඩ

පසුගිය ජනවාරි 8 වැනි දා එක මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු පරාජයට කරවන ලදි. වෙනත් මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු ජයග‍්‍රහණය කරවන ලදි. ලංකා ඉතිහාසයේ පළමු වරට, එක ඡන්දයකින් එකම පුද්ගලයාව පරාජය කරවන අතරේ එම පුද්ගලයාගේම වෙනත් රූපකයක් එම ඡන්දයෙන්ම ජනතාව ජයග‍්‍රහණය කැරැුවූ සුවිශේෂී අවස්ථාව මෙයයි.

Read more...

ශ්‍රීලනිපයේ බලය ඇල්ලීම දින සියයේ පොරොන්දුවක්ද - ගාමිණි වියන්ගොඩ

තමා ජනාධිපතිවරණයෙන් බලයට පත්වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීම තමාගේ අරමුණක් වන බව, දින 100 වැඩ සටහන තුළ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සඳහන් කොට තිබූ බවක් අප දැක නැත. ජනාධිපතිවරණ වේදිකාවේ කිසි අවස්ථාවක මෛත‍්‍රීපාල සිරිසේන එවැන්නක් කියනු අප අසා ඇත්තේද නැත. මැතිවරණ ව්‍යාපාරයේ වෙන කිසි ලියවිල්ලක එවැන්නක් ලියැවී ඇත්තේද නැත. කොටින්ම, මහින්ද රාජපක්ෂ වෙනුවට, මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයම තමා යටතේ නැවත බලයට පත්කැරැවීම තම අපේක්ෂාව වන්නේ යැයි එදා මෛත‍්‍රීපාල සිරිසේන ජනතාවට කීවේ නම්, අදත් රටේ ජනාධිපති වශයෙන් සිටිනු ඇත්තේ මහින්ද රාජපක්ෂයි.

Read more...

හෝද හෝදා එළියට බස්සන මාලඹේ වෙද කඩේ

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ගැන අපි කිහිප වතාවක්ම ලිව්වා. නමුත් නැවත වරක් ඒක ලියන්න වෙන හේතුවක් තියෙනවා. ඒ තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දකුණු ආසියානු ආයතනය හෙවත් SAITTM ආයතනයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව දෙන්න කියලා අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව පිරිසක් ප‍්‍රකාශ කිරීම. මේ පිරිස තමන්ව හඳුන්වා ගත්තේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ මව්පිය සංගමය විදියට. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සඳහා මව්පිය සංගම් නමින් ප‍්‍රකාශ නිකුත් කරන්නේ ප‍්‍රවාහන සේවය පෞද්ගලිකරණය උපරිම භුක්ති විඳින අයෙක්. ඔහු පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න. ගැමුණුත් ඇතුළු මව්පියන් යැයි කියන පිරිසක් මේ දිනවල මාධ්‍ය සාකච්ඡා පවත්වමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුවට රජයේ රෝහල් දෙන්න කියලා අධිකරණය නියෝග කළා, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ නියෝගය කඩ කරනවා කියලා ආඩපාලි කියනවා.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.