Menu

logo new 2015-5-11

යහපාලන රාජපක්ෂගේ වෙබ් දඩයම

යහපාලන රාජපක්ෂගේ වෙබ් දඩයම

 

වසර දෙකකට ආසන්න කාලයකට ආයුෂ කියන යහපාලන ආණ්ඩුවෙ බොහෝ දෙනෙකු මේ වනවිට රාජපක්ෂ පාලන කාලයේ ඌෂ්ණයට සමාන උෂ්ණයක් පිට කරමින් එකී රංගනයන්හි අවතීරණ වීමට කටයුතු කරමින් සිටී. ඒ අතර යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමතිට මේ වනවිට අමුතුම කුලප්පුවක් සෑදී ඇත. ඒ ලංකාවේ බුර බුරා නැගි ජාතිවාදී ඇන කොටා ගැනීම් පාර්ලිමේන්තුව හමුවේ තබා සිංහල මුස්ලිම් විරසකයක් ඇති කිරීමටය.
එහෙත් ලංකා මුස්ලිම් සංගමය විසින් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළ මුස්ලිම් අන්තවාදයක් සම්බන්ධයෙන් වන කරුණු හා ලංකාවේ මුස්ලිම් පවුලක සාමාජිකයින් අයි.එස් සංවිධානය හා එකතු වීම සම්බන්ධයෙන් වන කරුණු මීට වසර කට පමණ පෙර ආරංචි මාත්‍රයක් පමණක් වන දෙයක් බවත් මේ කරුණුවල සත්‍යාසත්‍යතාවය තහවුරු නොකොට ජනතාව කුපිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ඉල්ලා සිටියේය.


මේ ප්‍රකාශයට අමතරව ඒ හා සමගාමීව අධිකරණ ඇමතිවරයා විසින් යහපාලන ආණ්ඩුව මෙන්ම තමන්ට ද මහත් පිළිලයක් බවට පත්ව ඇති වෙබ් මාධ්‍ය සම්බන්ධයෙන් අවලාද නැගීමටද අමතක නොකළේය. ඒ අතුරින් ඔහුට සෘජුව බලපෑම් සහගතව ඇති වෙබ් අඩවියක් වන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය සම්බන්ධයෙන් දැඩි දෝෂ දර්ශනයක් ඉදිරිපත් කර සිටි අතර ඔහු එහිදී කියා සිටියේ අධිකරණයේද බොහෝ විසදුම් සදහා තීරණ දීමේදී මෙම වෙබ් අඩවියෙහි පළවන වාර්තා හේතුවෙන් එකී තීරණයන් ගැනීමට අපහසු වී ඇති බවත්ය. ඒ නිසාම අදාළ වෙබ් අඩවියෙහි කර්තෘ වරයා වන සඳරුවන් සේනාධිර මේ වනවිට රැදී සිටින එංගලන්තයේදී ජාත්‍යන්තර පොලීසියේ සහායෙන් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන්වා ප්‍රශ්න කිරීමට ලක් කළ යුතු බවත්ය.
මෙකී ප්‍රකාශයන් සිදුකිරීමේදී විජේදාස රාපක්ෂ තමා වෙත එල්ල වී ඇති බරපතල ගණයේ චෝදනා සම්බන්ධයෙන් සියල්ල සගවා තබාගෙන වෙබ් අඩිවයක් වෙත ඇගිල්ල දිගු කිරීම මගින් තමාගේ හෙළුව වසා ගැනීමට අමනෝඥ උත්සාහයක නිරත වනු අයුරු දක්නට ලැබිනි. ලංකාවේ මහා පරිමාණ වංචාවන් අතරට ගැනුනු ඇවන්ගාර්ඩ් ගණුදෙනු යට සිටි ප්‍රබල ගණයේ දේශපාලනඥයා වූයේ විජේදාස රාජපක්ෂ බව ඔහුට එකී ඇගිල්ල දිගු කිරීමේදී අමතකව ගියේය. ඇවන්ඩ්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති හා ඔහුගේ පවුලේ උදවිය සමග ඇමරිකාවේ සංචාරයක් සිදුකිරීම හරහා ඔහුට නිශ්සංකගෙන් ලැබුනු මුදල් කුට්ටි වෙත කෑදර කමින් හා තමන්ට හා පවුලේ උදවියට සුඛ විහරණය සලසාදීමට කෘත ගුණ සැලකීමක් ලෙස ඇවන්ගාර්ඩ් ගණුදෙනුව යට ගැසීම සදහා මූලිකව කටයුතු කරනු ලැබූවේ ඔහු බවට මොහොතකට අමතක කිරිමට මෙකී ප්‍රායාසයක් යෙදූ බව නොරහසකි.
මීට අමතරව මහා පරිමාණ ඉඩම් කොල්ලයක නීතිඥයෙකු ලෙස නිරත වූ වත්මන් යහපාලනයේ අධිකරණ ඇමතිවරයා එකී පවුල මහ මගට ඇද දැමීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන්ද තොරතුරු පසුගිය කාලයේ වාර්තා විය.
එබැවින් තමාට වදින තැන්වලට ඇගිල්ල දිගු කොට එය ජනතාවට එරෙහි වීමක් ලෙස හුවා දැක්වීමට ප්‍රයත්න දරණ මෙකී දේශපාලනඥයා මෙවර කොටා ඇත්තේ කෙසෙල් ගසකට බව මොහොතකට අමතක කොට දැම්මේය.
සඳරුවන් සම්බන්ධයෙන් දේශපාලන ගණුදෙනු කෙසේ වෙතත් ඔහු යාහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සදහා මෙන්ම පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ මහා වංචාවන් සම්බන්ධයෙන් හා දූෂණයන් සම්බන්ධයෙන් එළිපිට සටන් කිරීමට තරම් සමතෙකු විය. එසේ නම් මතුවන ගැටළුව වන්නේ යහපාලන ආණ්ඩුවේද කුණු ඇති තැන් හෙලි කිරීම හා යහපාලන මූලධර්මයන්ට මූවා වී පිස්සු කෙළින දේශපාලනඥයින් එලියට ඇද දමා ජනතාව හමුවේ නිරුවත් කිරීමේ වරද නම් විජේදාස රාජපක්ෂ විසින් සිදු කරමින් පවතින්නේ එකී කාර්යයට අත හිත දෙන ලංකා ඊ නිවුස් පමණක් නොව තවත් වෙබ් අඩවි ගණනාවකට තර්ජනය කිරිම මේ මගින් විජේදාස රාජපක්ෂ විසින් සිදුකිරීමත්ය.
එබැවින් මෙහිදී විජේදාස රාජපක්ෂ මෙන්ම යහපාලනය නැමැති ආණ්ඩුවේ බැටළු හම් පොරවා ගෙන සිටින බලය ලත් නිලධාරීන් හා පතාකයින්ට පැවසිය යුතු දෙයක් වන්නේය. එනම් තමන්ගේ නිරුවත වසා ගැනීමට අවලාද නැගීමේ සංදර්ශනය තාවකාලික වන්නේ කිසියම් හෝ මාධ්‍ය මර්දනයක් සිදුකොට වසා ගැනීමට තැත් කරන හෙළුව පෙරට වඩා කදිමට මෙවැනි අවලාදයන් සමග පෙන්නුම් කිරීමට අදාළ මාධ්‍යයන් කටයුතු කරනු ලබන බවත්ය.
අප දන්නා පරිදි අදාළ වෙබ් අඩිවියට තොරතුරු එන්නෙ තම අසල සිටින කෙනෙකුගෙන්මය. එබැවින් තමාගේ අවට සිටින විශ්වාසවන්තයින් කවරෙකු වුව එකී විශ්වාසයට වඩා දැඩි විශ්වාසයක් ඔවුන් ජනතාව හමුවේ තබා ඇති බැවින් හොරා කන්නනන්ට කීමට ඇත්තේ තමා සමග සිටින කවර ගණයේ විශ්වාස වන්තයෙකුම අපගේ මිතුරන් වන බවත්ය. මේ හේතුවෙන් ලංකා ඊ නිවුස් හි සඳරුවන් පමණක් නොව මෙකී මාධ්‍ය මෙහෙවරයෙහි නිතර වන්නන්ට ඇගිල්ල දිගු කිරීමට පෙර විජේදාස සිදු කළ යුතු වන්නේ තමාගේ නිරුවත වසා ගැනීමට වෙනත් මාර්ගයක් තෝරා ගැනීමය.
ඒ මන්ද යත් වෙබ් අඩවි හෝ මාධ්‍ය මර්දනය කිරීම මගින් ගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට වැටීම කිසිසේත්ම මෙවැනි උඩුබිරුම් හමුවේ අකාමකා දැමීමට ඔවුන් බැරි බව ස්ථිරවම කිය හැකි නිසාය.
කෙසේ නමුත් විජේදාස රාජපක්ෂගේ උවමනාවට යහපාලන ආණ්ඩුවේ කවරෙකු වුව උල්පන්දම් දෙන්නේද ඔවුන්ගේ නිරුවත් වීම ද ලග ලගම එන බව පමණක් සදහන් කිරීම මෙහිලා දැක්විය යුතුමය.
මෙකී අවවාදයට විජේදාස රාජපක්ෂට පමණක් නොව මේ ආණ්ඩුවේ සොරුන් රකින කිසිවෙකු හෝ වේ නම් ඔවුන්ට මූලිකව අදාල වන්නක් වේ. ඒ අනුව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ලංකාවෙන් තුරන් කිරීමට එවක පාලකයින් විසින් ගත් උත්සාහය සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකොට ගොළුවන් සේ සිටි පිරිස් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කට මැත දෙඩවීම තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින්ද ලිපියක් යොමු කරමින් සදහන් කොට සිටියේය.
දි ඉන්ඩිපෙන්ඩන් වෙබ් අඩවියද අදාළ සංගම් හා ඒකාත්මික වෙමින් මෙකී උඩුබිරුම් සදහා විරෝදය දක්වන අතර කුමන හෝ ආකරය මාධ්‍ය මර්දනයකට දත කට මැද සිටින මහත්වරුන්ට අනතුරු අගවන්නේ ගින්දර සමග සෙල්ලම් කිරීමට කිරීමට නොපැමිණෙන ලෙසය. ඒ මන්දයත් අප සැමට වඩා සත්‍යයට ගරු කිරීමට දිවි හිමියෙන් බැදී සිටින බැවිනි.

 

තුසිත පතිරණ

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.