Menu

logo new 2015-5-11

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Monday, 02 January 2017

ණය කන්ඳට තවත් ණයක්

සමාජ ආරක්‍ෂණ ජාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 75ක මුදලක් සියයට 2.75ක වාර්ෂික පොලියට ශ්‍රී ලංකා රජය ණයක් ලෙස ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමඟ ගිවිසුමකට එළැඹ තිබේ.

Read more...

පුතුට පනදීමට, තම පන පරදුවට තැබූ කථානායකගේ දියණිය වෙනුවෙන් ආයතනයක්

කථානායක කරූ ජයසූරිය මහතාගේ දියණියක වන ඉන්දිරා ජයසූරිය මහත්මිය පිළිකා රෝගය හේතුවෙන් පසුගියදා මරණයට පත් වූයේ ලෝකයේ සෑම දෙනාගේම කතා බහට ලක්වූ අභීත කාන්තාවක ලෙසය. ඉන්දිරා ජයසූරිය මහත්මිය පියයුරු පිළිකා රෝගයට ගොදුරුව ඇති බව දැන ගනිද්දී ඇය සය මස් ගැබිනියකව සිටියාය.

Read more...

අපේ කෞතුකාගාරය අවුරුදු 140 යි

මානව ශිෂ්ටාචාරය පිළිබඳ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා අපට ඒවා යම්තාක් දුරකට හෝ යථාරූපී ලෙස දැකගත හැකි වන්නේ ගවේෂණශීලී මිනිසුන් අනාවරණය කරගත් ඓතිහාසික මූලාශ්‍ර තුළිනි. බුද්ධිමය පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා තුළ සහජයෙන්ම පිහිටියා වූ ගවේෂණය හා සංරක්ෂණය කිරීමේ පුරුද්ද නිසා 'කෞතුකාගාර' සංකල්පය ලෝකයට බිහිවන්නට ඇත. බටහිර පුරාවිද්‍යාඥයන්ගේ අදහස කෙබන්දක් වුවද ලංකාවේ ද අෑත අතීතයේ පවා කෞතුකාගාර පැවැති බවට ප්‍රමාණවත් සාක්ෂි පවතියි. වසර දෙදහස් පන්සියයකටත් වඩා අදීන ඉතිහාසයකට උරුමකම් කියන මෙරට ඓතිහාසික ශ්‍රී විභූතිය ලෝකයට කියාපාන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයට වසර එකසිය හතළිහක් පිරීම නිමිත්තෙනි මේ සටහන.

Read more...

දෙමළ ඉල්ලීම් නැති ව්‍යවස්ථා මණ්ඩලයේ සම්බන්ධන් අස්විය යුතුයි

විපක්ෂ නායක සම්බන්ධන් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තුමන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලා අස්වියයුතු බව ඊ.පී.ආර්.එල්.එෆ් .නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

Read more...

විජය කලාගේ මල්ලිගෙන් මාධ්‍යවේදියාට මරණ තර්ජන

කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුණ වයමින් වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිදුකළ ප්‍රකාශය වාර්තා කළ මාධ්‍යවේදීයකුට මරණ තර්ජනය කළ බව කියන විජයකලාගේ ආධාරකරුවෙකු යැයි කියන පුද්ගලයකු සොයා කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Read more...

විෂ හාල් වර්ගයක් වෙළදපොළේ .. -

මිනිස් පරිභෝජනයට නුසුදුසු වස විස මුසු කරන ලද සහල් තොගයක් මේ වනවිට වෙළදපොළට නිකුත් කර ඇති බැවින් සහල් මිලදී ගැනීමේදී කල්පනාකාරී වන ලෙස කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය කුරුණෑගලදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට අනතුරු ඇඟවූහ.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.