Menu

logo new 2015-5-11

ජනතාවාදී විශිෂ්ටයෝ හත්දෙනෙක් – The Magnificent Seven (2016)

1850 න් පසුව ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල දාමරිකත්වයට ලැබෙන්නේ සමාජ වටිනාකමකි. තුවක්කු අතේ තබාගත් දාමරිකයන්ට, අපරාධකරුවන්ට බයපක්ෂපාතී සමාජයක් තුල බොහෝ දෙනෙක් තමන්ගේ ආරක්ෂාව තමන් සම්පාදනය කරගත යුතුයි යන තැනට යොමුවුණි. ලංකාවේද වරක් එක් රාජ්‍ය නායකයෙක් ජනතාවට කියා සිටියේ “තමන්ගේ ආරක්ෂාව තමන් බලාගත යුතුය “ යනුවෙන්ම නිසා ඇමරිකාව ගැන එතරම් පුදුමවිය යුතු නැත. රෝස් ක්‍රීක් නම් වූ සුන්දර ග්‍රාමය ඇමරිකාවේ උතුරුදිග පතල් හා කැණීම් සම්බන්ධයෙන් දැඩි ප්‍රසිද්ධියක් ඉසිලූ ප්‍රදේශයෙකි. අමදෝර්,වොල්කැනෝ ස්ප්‍රින්ග්ස් වැනි ආසන්න ප්‍රදේශ මෙන්ම රෝස් ක්‍රීක් ප්‍රසිද්ධවූයේ රන්,රිදී වැනි ලෝහ බහුලව හමුවෙන්නාවූ ප්‍රදේශයක් ලෙසින්ය. කාර්මික විප්ලවයෙන් පසු පතල් කර්මාන්තයට ලැබෙන්නාවූ ආර්ථිකමය වටිනාකම ඉහළයාම සහ ඇමරිකාව ලොව කැනීම් ක්ෂේත්‍රයේ ප්‍රබලතමයා බවට පත්වීම සමග දකුණුදිග ඇමරිකානු වෙළෙන්දන් පතල් ව්‍යාපාරිකයන් ලෙස උතුරුදිගට සේන්දුවීම ආරම්භවිය. එපමණක් නොව එම පළාත්වල ජනතාව බියවද්දමින්,බලෙන් ඉඩම් අත්පත්කරගනිමින් පතල් කර්මාන්තයේ යෙදීම නිසා එම ප්‍රදේශවල ස්වදේශිකයන් ඇතුළු පිරිසට සිදුවූයේ දැඩි භිෂණයකට මුහුණදීමටය.

Read more...

ඈන් රණසිංහ සමුගනී

මෙරට සාහිත්‍යය ඉතිහාසයේ ඉතා ජනප්‍රිය කිවිඳියක හා කතුවරියක් ලෙස ලොක ප්‍රකට වූ ඈන් රණසිංහ මහත්මිය මෙලොවින් සමුගෙන ඇතැයි වාර්තා වේ.

Read more...

කස්ටඩ් සහ බොරු වැලි එකම වගේ...

They say the cooking custard has the same chemical substance as quick sand but what differ is the bonds.

කස්ටඩ් වලත්, බොරු වැලි වලත් සංඝටක එකම බව පැවසේ ඒත් වෙනස් වෙන්නේ එහි අණු අතර පවතින බන්ධන (බැඳුම්) වල වෙනසය.

ජීවිතයත් මේ වගෙයි මට සිතේ... බන්ධන නො තිබුනා නම් ජීවිතේ අප ගත කරන මොහොතවල්... කරන බොහෝ දේ එකකට එකක් පරස්පර වුනත් මොකක්දෝ සමානකමක් වේ. වෙනස් වෙන්නේ බැඳීම් නිසා ඇතිවන්නාවූ වෙනස්කම ය.

Read more...

ඔබේ සවනට තවත් මියුරු හඬක් ‘‍රේඩියෝ රන් ලංකා’‍

දෙස් විදෙස් ශ‍්‍රාවකයන් හට අන්තර්ජාලය ඔස්සේ ශ‍්‍රවණය කළ හැකි නවතම අන්තර්ජාල ගුවන් විදුලිය ‘රන් ලංකා’‍ (www.radioranlanka.lk) නමින් දෙසැම්බර් 11 වන දා ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතව ඇත.

Read more...

කවි ගී කෙටිකතා තීරු ලිපි ලියන්න ඔබටත් පුළුවන්ද ? එහෙමනම් මෙය කියවන්න !

කවි - ගී - කෙටිකතා - තීරු ලිපි ලියන්න ඔබටත් හැකි නම් `සත්හඬ` සතිඅන්ත පුවත්පතේ `සිහිනය` අතිරේකයෙන් මෙන්න ඔබට ඇරයුමක්. මේ තරගය, විවෘත හා පාසැල් වශයෙන් අංශ දෙකකින් පැවැත්වෙනවා. විවෘත අංශය, පාසැල් අධ්‍යාපනය හමාර කළ - උසස් අධ්‍යාපනය ලබන - රැකියා කරන නොකරන - වැඩිහිටි ඔබටත් ; පාසැල් අංශය උසස් පෙළ සිසු සිසුවියන්ටත් වෙන් වෙනවා.

Read more...

සෑම නිළියක්ම ගණිකාවක් කියලා මම කිව්වේ නෑ - පියුමි හංසමාලි

සෑම නිළියක්ම ගණිකාවක් කියලා ඔබ ප්‍රකාශ කළ බවට චෝදනාවක් තියෙනවා?

මම කවදාවත් එහෙම කියලා නෑ. කිසිම පත්තරේකටවත් එහෙම ආර්ටිකල් එකක්වත් මම දීලා නෑ. අනික මමත් නිළියක් වගේම ගෑනියක්. ඉතින් ඇයි මම තවත් ගෑනු කෙනෙක්ට එහෙම අපහාස කරන්නේ.

Read more...

උසාවිය නිහඬයි නිහඬ කිරීමට එරෙහි විද්වත් කතිකාවක්

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඩයි‘ චිත්‍රපටය, අදහස් ප්‍රකාශනයේ අයිතියට මතු වී ඇති බාධා සහ අධිකරණ ක්ෂේත්‍රයේ පරිහානිය සම්බන්ධයෙන් ‘උසාවිය නිහඩයි - නිද්‍රාවෙන් ඇහැරෙන්න‘ යන තේමාව යටතේ පැවැත්වෙන විද්වත් සංවාදයක් සහ විවෘත කතිකාවතක් ඔක්තෝබර් 11 වැනි දින කොළඹ, මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

Read more...

ජයවර්ධනපුර ලිවිසැරි කරළිය 2016 ත් කරළි ගත වූ වගයි..

සාහිත්‍ය මාසයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සාහිත්‍ය උළෙල මෙවරත් ඊයේ (22) දින ඉතා උත්කර්ශවත් අයුරින් රාජගිරිය හේවාවිතාරණ විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණයෙන් හා මෙහෙයවීමෙන්, සංස්කෘතික අමාත්‍යංශයේ සහයෝගයෙන් වාර්ෂිකව මෙම සාහිත්‍ය උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මූලික කර ගනිමින් පැවැත්වනු ලබන්නේ “ජයවර්ධනපුර ලිවිසැරි කරළිය“ යනුවෙන් නම් කරමිනි.

Read more...

රැජිනගේ රාජාභිෂේකය 14 වැනිදා

මොහාන් රාජ්මඩලවල විසින් රචිත නවතම නවකතාව වන රැජින, ජනගත කිරීමේ මංගල්‍යය සැප්තැම්බර් 14 වන දින සවස 3.30ට කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ.

Read more...

අද නිර්මාණ වේශයෙන් ප්‍රේමය අලෙවි භාණ්ඩයක් වෙලා - සුජීව කුමාර කෝවිල තැන්න

අද්‍යතන සාහිත්යයයේ පරමාදර්ශීභාවය හෝ ගැඹුර සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

සාහිත්යර කියන්නේ මානව සමාජයේ පරදර්ගමනය සදහා අධ්යාබතමික වශයෙන් බලපෑම් කළ හැකි මෙවලමක් ලෙසයි මම දකින්නේ. මිනිසා තාක්ෂණික වශයෙන් ලෝකයේ අත්පත් කරගෙන ඇති ජයගරමක්හණ අපමණයි. ඒක ඉතා වේගයෙන් අදවන විටත් සිදුවෙමින් පවතිනවා. ඒ වේගයෙන්ම මිනිසාගේ ආධ්යාමත්මය පිරිහෙමින් යනවා කියලත් මට හිතෙනවා. මොකද අද දිනපතා අපට අසන්නට දකින්නට ලැබේන්නේ මිනිසත්කමට නොවටිනා සිදුවීම්ය. මේ මනුෂත්වය දියාරූවී යෑමට මූලික හේතුව මිනිසා සාහිත්යනයෙන් ඈත් වීමයි.

Read more...

දහ වෙනිදා ඔබ ගැඹුරු නින්දක

මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ගේ "ඔබ ගැඹුරු නින්දක" කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උළෙල, 2016 සැප්තැම්බර් 10 වන සෙනසුරාදා, සවස 3:00 සිට 6:00 දක්වා, කොළඹ මහවැලි කේන්ද්‍රයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

දේශන
ලියනගේ අමරකීර්ති
චූලානන්ද සමරනායක

මෙහෙයවීම
ධනුෂ්ක ගනේගොඩ

ඔබ ගැඹුරු නින්දක, සන්ථව ප්‍රකාශනයකි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.