Menu

logo new 2015-5-11

කාකිධර නඩයක් මාධ්‍ය වේදියාට පහර දෙයි

කාකිධර නඩයක් මාධ්‍ය වේදියාට පහර දෙයි

පොළොන්නරුව පොලිසියේ නිලධාරීන් පිරිසකගේ අමානුෂ්ක පහර දීමට ලක්‌වූ දිවයින අරලගංවිල මාධ්‍යවේදී රොෂාන් තුෂාර තෙන්නකෝන් මහතා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇත.

කදුරුවෙල නගරයේ ඔහු පදිංචිව සිටින නිවසේ සිට කෑම පාර්සලයක්‌ රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් කදුරුවෙල නගරය දෙසට යමින් සිටියදී නිවෙස අසලදී ජංගම පොලිස්‌ මුර සේවා ජීප් රථයකින් පැමිණි පොලිසියේ සිව් දෙනකු සිය යතුරුපැදිය නවතා ප්‍රශ්න කොටපහර දුන් බව තුෂාර තෙන්නකෝන් මහතා සදහන් කර තිබේ.

තමා මාධ්‍යවේදියකු බවත් රාත්‍රී ආහාරය රැගෙන ඒම සඳහා යන බවත් ප්‍රකාශ කරද්දී එම පොලිස්‌ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව ඔහු පවසයි.

මාධ්‍යවේදී රොෂාන් තුෂාර මහතා දැනට පොලොන්නරුව මහ රෝහලේ අංක 20 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.