Menu

logo new 2015-5-11

Theindependent.lk Sinhala Ver - Items filtered by date: Wednesday, 11 January 2017

ලයිට් කැපෙනවලු

පවතින වියලි කාලගුණය තවදුරටත් පැවතියහොත් විදුලිය කැපීමේ අවදානමක් මතුව තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙන්නේ ජල විදුලි නිෂ්පාදනය මේ වනවිට 12% දක්වා අඩු වී ඇති බවයි.

Read more...

මහ බැංකු මගඩියේ ලාභය තවත් ඉහලට

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මගඩියෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පසුගිය දෙසැම්බර් මස වන විට උපයා ඇති මුළු ලාභය රුපියල් මිලියන 15,000 ඉක්මවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.

Read more...

ජනතාවාදී විශිෂ්ටයෝ හත්දෙනෙක් – The Magnificent Seven (2016)

1850 න් පසුව ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවල දාමරිකත්වයට ලැබෙන්නේ සමාජ වටිනාකමකි. තුවක්කු අතේ තබාගත් දාමරිකයන්ට, අපරාධකරුවන්ට බයපක්ෂපාතී සමාජයක් තුල බොහෝ දෙනෙක් තමන්ගේ ආරක්ෂාව තමන් සම්පාදනය කරගත යුතුයි යන තැනට යොමුවුණි. ලංකාවේද වරක් එක් රාජ්‍ය නායකයෙක් ජනතාවට කියා සිටියේ “තමන්ගේ ආරක්ෂාව තමන් බලාගත යුතුය “ යනුවෙන්ම නිසා ඇමරිකාව ගැන එතරම් පුදුමවිය යුතු නැත. රෝස් ක්‍රීක් නම් වූ සුන්දර ග්‍රාමය ඇමරිකාවේ උතුරුදිග පතල් හා කැණීම් සම්බන්ධයෙන් දැඩි ප්‍රසිද්ධියක් ඉසිලූ ප්‍රදේශයෙකි. අමදෝර්,වොල්කැනෝ ස්ප්‍රින්ග්ස් වැනි ආසන්න ප්‍රදේශ මෙන්ම රෝස් ක්‍රීක් ප්‍රසිද්ධවූයේ රන්,රිදී වැනි ලෝහ බහුලව හමුවෙන්නාවූ ප්‍රදේශයක් ලෙසින්ය. කාර්මික විප්ලවයෙන් පසු පතල් කර්මාන්තයට ලැබෙන්නාවූ ආර්ථිකමය වටිනාකම ඉහළයාම සහ ඇමරිකාව ලොව කැනීම් ක්ෂේත්‍රයේ ප්‍රබලතමයා බවට පත්වීම සමග දකුණුදිග ඇමරිකානු වෙළෙන්දන් පතල් ව්‍යාපාරිකයන් ලෙස උතුරුදිගට සේන්දුවීම ආරම්භවිය. එපමණක් නොව එම පළාත්වල ජනතාව බියවද්දමින්,බලෙන් ඉඩම් අත්පත්කරගනිමින් පතල් කර්මාන්තයේ යෙදීම නිසා එම ප්‍රදේශවල ස්වදේශිකයන් ඇතුළු පිරිසට සිදුවූයේ දැඩි භිෂණයකට මුහුණදීමටය.

Read more...

භූමි තෙල බහී

භූමිතෙල් ලීටරයක මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05කින් අඩුකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙවර අයවැය මගින් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරන බවට ප්‍රකාශයට පත් කර තිබුණි.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.