Menu

logo new 2015-5-11

වේයන්ගොඩ රෑ ගත කළ XXX චිත්‍රපටය පොලීසියේ..

වේයන්ගොඩ රෑ ගත කළ XXX චිත්‍රපටය පොලීසියේ..

වේගයන්ගොඩ ප්‍ර දේශයේ නිවසන් කුලියට ගෙන එහි කාමරයක් තුළ රූගත කළ කාමුක චිත්‍රපටයක රැඟ පෑ නිළියක් හා තවත් පිරිසක් වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුටව ගෙන ඇත. 

පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම නිවසක් වැටලූ වේයන්ගොඩ පොලිසිය, මෙරට ප්‍රසිද්ධ නිරූපිකාවක්, ටෙලි නාට්‍ය නළුවක් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස නිෂ්පාදනය කළ තවත් චිත්‍රපටයක පිටපත් 6000 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

නාට්‍යයක් රූගත කිරීමට යයි කුලියට ගන්නා ලද කුරිකොටුව ප්‍රදේශයේ නිවසක නිදන කාමරයකදී මෙම අසභ්‍ය චිත්‍රපටය රූගත කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මොවුන් නිපදවූ එක් චිත්‍ර‍පටයක පිටපතක් අන්තර්ජාලයට ද මුදාහැර ඇති අතර එය නැරඹූ පුද්ගලයෙකු රූගත කළ ස්ථානය අනුමාන කර ඒ බව වේයන්ගොඩ පොලිසියට දැනුම් දී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥයින් පවසන්නේ මෙම චිත්‍රපටය එවැනි කාමුක ගණයේ දෙයක් නොවන බවත් එය රස නවයෙන් එකක් නිරූපණය කිරීම සදහා තැනූ චිත්‍රපටයක් වන බවයි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.