Menu

logo new 2015-5-11

ඔබට සතුටුයිද දැන් - ගීතය පෙරළියක් වෙලා

ඔබට සතුටුයිද දැන් - ගීතය පෙරළියක් වෙලා

ඔබට සතුටුයිද දැන්” ගීතය ඔබටත් වඩා දැන් කියන්නේ දේශපාලනඥයන් නේද?

මුලදී මේ ගීතය ගයද්දී මමවත් හිතුවේ නැහැ මේ තරම් ආන්දෝලනයට ලක්වෙයි කියලා. මේ ගීතය ගැයීමත් අහඹු සිදුවීමක්. මේ ආන්දෝලනයත්් ඒ වගේම අහඹු සිදුවීමක්.

ගීතය ගැයීමත් අහඹු සිද්ධියක් වුණේ කොහොමද?

මම වෙනත් ගීතයක් නිර්මාණය කරගන්න චමත් අසංග ළඟට ගියා. ඒ වෙලාවේ සජිත් චතුරංග ලියලා චමත් අසංක කරපු ගීතයක් තිබුණා. නිකමට වගේ ඒ ගීතය ගායනා කරලා බැලුවාම මට හිතුනා මම කලින් ගායනා කළ ගීතවලට වඩා වෙනසක් මේ ගීතයේ තියෙනවා කියලා ඊට පස්සේ ඒ ගීතය ගයන්න තීරණය කළා. ඒ ගීතය තමයි “ඔබට සතුටුයිද දැන්'' ගීතය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ ආණ්ඩුව ගැන ප්‍රශ්නයක්
ඇහුවාම උත්තර දෙන්නේ ඔබට සතුටුයිද දැන් කියලා ඒ ගැන රුවන්ට සතුටුද?

සතුටුයි බයයි (මහ හඩින් හිනැහේ)

සතුටුයි බයයි කිවුවේ?

මගෙ ගීතයක් ලොකු කතා බහකට ලක්වීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඒත් දේශපාලනඥයන්ට එය යොදා ගැනීම ගැන නම් බයක් තමයි මගේ හිතේ තියෙන්නේ. සමහරු මේ ගැන විවිධ මත දරනවානේ.

මොන විදියේ මතද?

ඕනෑම කලාකාරයෙක් කලා නිර්මාණයක් කරද්දී එය ජනප්‍රිය වේවි කියන ආත්ම විශ්වාසයයක් ඇතුව තමයි කරන්නේ. මමත් එහෙමයි. ඒත් “ඔබට සතුටුයිද දැන්” ජනප්‍රිය වෙලා දේශපාලන කතා බහට යොදා ගනී කියන අදහසක් නම් මගෙ හිතේ කොනකවත් තිබුණේ නැහැ. ඒත් දේශපාලනයේදී ප්‍රති විරුද්ධ මතවාද තියෙනවානේ. “මේ ගීතය නිර්මාණය කළේ දේශපාලන අදහසක් ඇතුවද? කාව හරි තේමා කරගෙනද” කියලා මගෙන් අහන අය ඉන්නවා. අන්න ඒ වගෙ කථිකා දුර ගිහින් මගෙ නමත් දේශපාලනයේ කොතැනකට හරි ගෑවෙයිද කියලයි මම බය. මම කලා නිර්මාණවල යෙදෙන කලාකාරයෙක් විතරයි.

රුවන් ඔය විදියට කිවුවාට අද වෙද්දී “ඔබට සතුටුයිද දැන්” දේශපාලන කරලියේ ජනප්‍රිය වාක්‍යයක් වී හමාරයි.

“ඔබට සතුටුයිද දැන්” කථා බහට ලක්වෙන්න අන්තර්ජාලයේ මුහුණු ‍පොතත් බලපෑවා. ඔය වගේම පහුගිය කා‍ලේ “මුහුණ ‍පොත” හරහා “අදාළ නෑනේ” කියන වදන් පෙළක් ජනප්‍රිය වුණා. “ඔබට සතුටුයිද දැන්” කියන වදන් වැල දේශපාලන කරළියේ ජනප්‍රිය වීම ගැන මට කියන්න තියෙන්නේ “ඒක මට අදාළ නෑනේ” කියල විතරයි.

දේශපාලන කරළියේ ජනප්‍රිය වීමත් එක්කම “ඔබට සතුටුයිද දැන්” අද වෙද්දී ‍පොදු සමාජයටත් ගිහින්....
මේ වෙද්දී “ඔබට සතුටුයිද දැන්” කියල ගහපු ටී ෂර්ට් පවා වෙළෙඳ‍පොළේ අලෙවි වෙනවා. කාර්යාලවල ආයතනවල සේවක පිරිස් අතර පාසල් ළමයි යාළු මිත්‍රයන් අතර සිදුවන කථාබහේදී “ඔබට සතුටුයිද දැන්”කියන වදන් පෙළ භාවිත වෙන බව මට දැනගන්න ලැබුණා.” මුහුණු ‍පොත” හරහා නම් මෙය බහුලව භාවිත වෙනවා. ඒ විතරක් නමෛයි. අද වෙද්දී ඔය කතාව මගෙ ගෙදරටත් ඇවිත්.

ඒ කොහොමද?

විහිළු කරලා බිරිය
(ෂෙරිල්ව) කේන්ති කරවන්න මම කැමතියි. ඉස්සර නම් මගෙ විහිළුවලට එයාට කේන්ති යනවා. දැන් මම මොකක් හරි විහිළුවක් කරලා කේන්ති ගියාම ෂෙරිල් මගෙන් අහනවා. “ඔබට සතුටුයිද දැන්” කියලා.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.