Menu

logo new 2015-5-11

ලංකාවට එපා වූ මුරලිට ICCයෙන් පට්ටමක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගෞරවාන්විත, කීර්තිමත් සාමාජිකයෙකු (Hall of Fame) ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.

Read more...

මුරලි වෙනුවෙන් සංගා පෙරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම පිණිස පුහුණුකරුවකු ලෙසින් කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කළ හොත් මුත්තයියා මුරලිදරන් කිසිදු පැකිලීමකින් තොරව එයට එකඟ වනු ඇතැයි කුමාර් සංගක්කාර පවසයි.

Read more...

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මුරලි පෙනීසිටි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ පැවැත්වෙන වෝන්-මුරලි කුසලාන ක්‍රිකට් තරඟයට දින දෙකක් තිබියදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට බැණවැදී බලහත්කාරයෙන් ක්‍රීඩාංගණයට ඇතුළුවී කලබලකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බව දැනගන්නට ලැබුණු බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල පැවැසිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ අද පස්වරුවේ (24) දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සුමතිපාල මහතා මේ බව කීවේය.

පන්දුයැවීමේදී ජත්‍යන්තරයෙන් චෝදනා එල්ලවත්දී පාලක මණ්ඩලය හා ජනතාව මුරලි වෙනුවෙන් පෙනීසිටි බවත් අද ඔහු මෙවැනි හැසිරීමක් තම උපන් රටට එරෙහිව උපන් ප්‍රදේශයේ සිටම සිදුකිරීම කනගාටුවට කරුණක් බවත් මුරලිදරන් එසේ හැසිරී ඇත්තේ ක්‍රීඩාංගණය පුහුණු කටයුතු සඳහා නිදහස්කර නොතිබියදී බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම්වත් කිරීමට පියවරගත් බවත් සුමතිපාල සඳහන් කළේය.

මුරලි හිටපු ක්‍රීඩකයෙක් පමණක් බවත් ලොව ඕනෑම කණ්ඩායමකට තම වෘත්තිය දැනුම ලබාදීමට මුරලිට අයිතිය ඇති බවත් මෙරට ජනතාව මෙය මුරලිගෙන් කිසිසේත් අපේක්ෂා නොකළ ක්‍රියාවක් බවත් ක්‍රිකට් සභාපතිවරයා කීය.

වෝන් මුරලි කුසලානය සඳහා පැවැත්වෙන තරඟාවලියේදී අපේ යැයි පැවැසු මුරලි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අපට එරෙහිව පුහුණු කිරීම කෙතරම් සාදාචාරාත්මකද යන්න පිළිබඳව විමසාබැලිය යුතුව ඇතැයිද ඔහු පැවසුවේය.

Read more...

ඔලිම්පික් යන අපේ කණ්ඩායම නම් කරයි

බ්‍රසීලයේ රියෝ ද ජැනැයිරෝ නුවරදී අගෝස්තු මාසයේදී පැවැත්වෙන 2016 ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා ඒ සඳහා පිටත් වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ.

Read more...

කනිෂ්ඨ මේසපන්දු කණ්ඩයාම කරච්චි යයි

දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය සඳහා 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි වෙති. මෙම තරගාවලිය අද (15දා) සිට 17 දා දක්වා පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැත්වේ.

Read more...

ජුඩෝ නිලවරණ බෑ - අධිකරණ නියෝග

ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ 2016/2018 නිලවරණය වළක්වමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සිවුදෙනෙකුට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (15) නිකුත් කළේය.

Read more...

මාලිංග ඉවත් කරයි, රංගන සමුගනියි

වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග 2016 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවත් කිරීමට එම සංවිධායකයින් තීරණය කොට ඇති බව වාර්තාවේ. ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධය තවදුරත් පවතින බව මුම්බායි ඉන්ඩියන්ස් වෛද්‍ය කණ්ඩායම තහවුරු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවට තොරතුරු හෙළිවේ

Read more...

ක්‍රිකට් කන පිට හැර විය යුතුයි - සංගක්කාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ පැහැදිලි ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතුව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බීබීසීය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

Read more...

හුසේන් බෝල්ට් සමුගන්නා බව කියයි

ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන මීටර් සියය සහ මීටර් දෙසීය ධාවන ඉසව්වල ලෝක ශූර උසේන් බෝල්ට් කි‍්‍රඩාවෙන් සමුගන්නා කාලය පිළිබද අනාවරණ කොට තිබේ.

Read more...

ඕමානයේ ජයට ලංකාවෙන් ගුරු හරුකම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන දුලීප් මෙන්ඩිස් පුහුණුකරු වශයෙන් ක්‍රියා කරන ඕමාන කණ්ඩායම අද තමන්ට වඩා ප්‍රභල කණ්ඩායමක් වන අයර්ලන්තය පරදවා කඩුලු දෙකක් තියුණු ජයක් ලබාගැනීමට සමත් විය.

Read more...

ධර්මසාලාවල පකිස්ථානය ක්‍රීඩා කළොත් ආරක්ෂාව දෙන්න බෑ - ඉන්දීය ආරක්ෂක අංශ

ඉන්දියාවේ දී ඇරඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිටත්වීම ආරක්ෂක හේතු මත පමා වී ඇත.

හිමාචාල් ප්‍රදේශ් හි ‘ධර්මසාලා’ අගනගරයේ කඳුකර නිකේතනයක් ආශ්‍රිතව පිහිටා ඇති ක්‍රීඩාංගණය නැරඹීමට ගිය පකිස්තාන බලධාරීන් විසින් පකිස්තාන කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර එහිදී පැවැත්වීමට නියමිත තරඟය සඳහා වෙනත් ක්‍රීඩාංගනයක් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more...

ලංකාව යාන්තමින් එමිරේට්ස් පරාජය කරයි

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි - 20 තරඟාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහි පැවැති තරඟයෙන් ලකුණු 14ක ජයක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත් විය.

Read more...
Subscribe to this RSS feed
Info for bonus Review bet365 here.