Menu

logo new 2015-5-11

ක්‍රිකට් පිළ අප්‍රිකා යයි

ක්‍රිකට් පිළ අප්‍රිකා යයි

තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පසුගිය 10දා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාව ලබන 18දා තුන්දින පුහුණු ක්‍රිකට් තරගයට සහභාගිවන අතර, පළමු ටෙස්ට් තරගය 26දා ‍පෝට් එලිසබත්හිදී ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා පිලට ටෙස්ට් තරගයට පෙර පුහුණුවීම් සඳහා දින 16ක් ලැබි තිබිම විශේෂ සිදුවීමකි.
තරගාවලිය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දකුණු අප්‍රිකාවේදී දස්කම් දක්වනු ඇතැයි විශ්වාසයෙන් පසුවන බවයි.
දුෂ්මන්ත චමීර ආබාධය සුව වීමෙන් පසු කණ්ඩායමට පැමිණීමෙන් පන්දු යැවීමේ බළඇණිය ශක්තිමත් වී තිබේ.
‘දකුණු අප්‍රිකාව හොඳ කණ්ඩායමක්. ශ්‍රී ලංකා පිතිකරුවන් පසුගිය තරගාවලි කිහිපයේදීම ලකුණු අතරට පිවිසුණා. නවක පිතිකරුවන් මෙහිදී යමක් සිදු කරාවි. අපිට තරගාවලිය පිළිබඳව බලා‍පොරොත්තු තබාගත හැකියි.’ යැයි මැතිව්ස් පැවැසීය.
දකුණු අප්‍රිකාව ප්‍රබල කණ්ඩායමක් වුවද දේශගුණයට හුරුවී හොඳ සටනක් දීමට ශ්‍රී ලංකාව බලා‍පොරොත්තුවෙන් පසුවන බවද මැතිව්ස් පවසයි.

තරග සටහන
දෙසැ. 26-30 -පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය - ‍පෝට් එලිසබත්
ජනවාරි 2-6 දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය - කේප්ටවුන්
ජනවාරි 12-16 තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය - ජොහැනස්බර්ග්

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.