Menu

logo new 2015-5-11

චතුර නැවතත් පාපන්දුවෙන් වැඩ පෙන්වයි

චතුර නැවතත් පාපන්දුවෙන් වැඩ පෙන්වයි

මාතර ශාන්ත සර්වේසස් විදුහලේ ආදි ශිෂ්‍ය  ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායක ඩබ්.එච්. චතුර ගුණරත්න (පොඩි) ශ්‍රී ලංකා පුඩ්සාල් පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කළ පාපන්දු තරගාවලියේදී නැවතත් තම දක්ෂතා අතර ප්‍රවිශ්ට වූ බව වාර්තාවේ.


ඔහු විසින් ඉන්දියාව, නේපාලය , මාලදිවයින, පකිස්ථානය හා ශ්‍රී ලංකාව ඇතුලත් රටවල් අතර වූ මාතර උයන්වත්ත ක්‍රීඩාගංණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති තරගාවලියේදී ඔහු විසින් රටවල් 04ම පරාජය කොට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ස්ථානයට පත්කිරීමට සමත්විය.
නේපාලය හා ශ්‍රී ලංකාව අතර පැවැති අවසන් තරගයේදී චතුර විසින් ගෝල 2-1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගියේය.
පාපන්දු ක්‍රීඩාවට රජයෙන් බොහෝ අඩු සැලකිලි තබාතිබියදී චතුර වැනි ක්‍රීඩකයින් විසින් දක්ව දක්ෂතා උපයෝගී කොටගෙන ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඔසවා තැබීමට කටයුතු කරන්නේ නම් තවත් විශ්ෂ්ටයින් නිර්මාණයය කළ හැකි බව ද මෙහිදී විචාරකයින්ගේ මතය විය.
චතුර මේ වනවිට කුරුණෑගල පෙලිකන්ස්ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන අතර ඔහුගේ මුල්ම ක්‍රීඩා පිටිය වූයේද උයන්වත්ත ක්‍රීඩාංගණය වීම ද මෙහිලා සුවිශේෂී වේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.