Menu

logo new 2015-5-11

මාලිංග ක්‍රිකට් හැර යයිද ?

මාලිංග ක්‍රිකට් හැර යයිද ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග මේ වන විට අවුරද්දකට පමණ ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටින අතර ඔහු මේ වසර තුළදී ක්‍රිකට් පිටියට නොපැමිණෙන බවද වාර්තාවේ. ඒ ඔහුගේ පාදයේ ආබාධය සියයට සියයක් සුව නොවීම හේතුවෙන් බවත් එසේම ලසිත් මාලිංගගේ ආබාධය පිළිබඳව ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසන්නේ මෙම වසර අවසානයේ දියත්වන දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංගගේ පාදයේ ආබාධය බොහෝදුරට සුවවනු ඇති බවයි.

එමෙන්ම මාලිංග මේ වනවිට සිය පුහුණුවීම් කෙටිකාලීනව ආරම්භ කර තිබුණද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලියට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බවද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කෙසෙ නමුත් ආබාධය අතර තුරද තරගයන්ට සහභාගී විමට කැමැත්ත පළකොට සිටියද මාලිංග ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබී නොතිබිණි. කෙසේ නමුත් ඉදිරියේදී මාලිංගගේ ක්‍රිකට් අවිනිශ්චිත තත්වයක පවතින බවට ද ඔහු සම්බන්ධ තොරතුරු අනාවරණය කොට සිටී.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.