Menu

logo new 2015-5-11

ලංකා කණ්ඩායමට වෙඩි තැබූ ත්‍රස්තවාදියා මියයයි

ලංකා කණ්ඩායමට වෙඩි තැබූ ත්‍රස්තවාදියා මියයයි

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල් වූ වෙඩි ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කර ඇත.

ඒ ඇෆ්ගනිස්ථානයේ සිදු කළ විශේෂ හමුදා සෝදිසි මෙහෙයුමකදිය.

ඇෆ්ගන් හමුදාව සහ නේටෝ හමුදාව එක්ව මෙම මෙහෙයුම ඊයේ (08) දියත් කර ඇත්තේ පක්ටිකා ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන සිටියේ ක්වාරි අජ්මාල් නමැත්තෙකි.

ඊයේ සිදු කළ මෙම සෝදිසි මෙහෙයුමේදී ඔහුට අමතරව ත්‍රස්තවාදීන් යයි සැකකෙරෙන තවත් තිදෙනෙකු ඝාතනය කර ඇත.

ක්වාරි අජ්මාල් පන්ජාබ් නුවර ජීවත් වන්නෙකු බවත්, ලාෂ්කාර් ඊ ජාන්ග් වී ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු බවත් හෙලිකර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයට දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කළේ 2009 වසරේ මාර්තු මස 03 වැනිදාය. ඒ ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේදීය.

එහිදී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, චමන්ද වාස්, තිලාන් සමරවිර, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල් හා තරංග පරණවිතාන තුවාල ලැබිය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.