Menu

logo new 2015-5-11

මැරතන් පදක්කමත් ලංකාවට නෑ - කුරේ 34 වැනියා

මැරතන් පදක්කමත් ලංකාවට නෑ - කුරේ 34 වැනියා

රියෝ ඔලිම්පික් මැරතන් තරඟයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අනුරාධ කුරේ තිස් හතර වෙනි ස්ථානයට පත් විය. ඒ සඳහා ඔහුට ගත වී ඇති කාලය පැය 02.17.06 කි.

මැරතන් තරඟයේ රන් පදක්කම කෙන්යාවට හිමි වූ අතර රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවලින් සෝමාලියාවට සහ ඇමරිකා එක්සත් ජනපදයට හිමි විය.
ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීම සිය ඒකායන අපේක්ෂාව වන නමුත් තමා හමුවේ අභියෝග රැසක් පවතින බවයි තරඟය ආරම්භ වීමට මොහොතකට පෙර මාධ්‍ය හමුවේ කියා සිටියේය .
බ්‍රසීලයේ පවතින අධික උණුසුම හේතුවෙන් දුර ධාවන ලෝක ශූරයන් පවා මෙතෙක් දැක්වූ වේගය විනාඩි කිහිපයකින් අඩු වී ඇති බව සඳහන් කළ ඔහු, බ්‍රසීලයට සමාන කාලගුණයක් යටතේ දිගු කලක් පුහුණුවීමට තමන්ට අවස්තාවක් නොලැබුන බවත් සිහිපත් කළේය.
බ්‍රිතාන්‍යයේ වාසය කරන ඔහුට දින කිහිපයක් කෙන්යාවේ පුහුණුවීමට අවස්තාව ලැබුන නමුත් ලොව දැවැන්තම ක්‍රීඩා උළෙල සඳහා එය ප්‍රමාණවත් නොවන බව ද ඔහු සදහන් කොට සිටියේය.

බිබිසී

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.