Menu

logo new 2015-5-11

ලංකා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි

ලංකා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට අද (17) ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් 3-0ක් ලෙස ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වන අතර තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ විශිෂ්ඨ දක්ෂතා දක්නට ලැබුණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් තරගාවලිය පුරාවට පන්දුවෙන් සිය අණසක පැතිරූ රංගන හේරත් තරග තුනකදී බිඳ හෙළු කඩුලු සංඛ්‍යාව 28 කි.

තම පළමු ටෙස්ට් තරගාවලියට සහභාගී වූ ධනංජය සිල්වා වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින අතර ශතකයක් හා අර්ධ ශතකයක් සමගින් ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 325කි.

ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 323ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන්ට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 160ක් පමණි. ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩේවිට් වෝනර් ලකුණු 68ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 25 සීමාව පසු කිරීමට නොහැකි විය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් පන්දුවාර 18.1 කදී ලකුණු 64කට කඩුලු 7ක් බිඳ දැමීමට සමත් විය. ඔහු පළමු ඉනිමේදී පන්දුවාර පන්දුවාර 38.1කදී ලකුණු 81කට කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලිය පුරාවට විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් තරගාවලියේදී බිඳ හෙළීමට සමත් වූ කඩුලු සංඛ්‍යාව 28කි.

ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමටද සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟයකදී කඩුලු ත්‍රිත්තවයක් දවාගත් එකම පන්දු යවන්නා බවට පත්වීමට ඔහුට හැකි විය. මීට පෙර ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වූයේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා පමණි.

පල්ලේකැලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 103කට කඩුලු 9ක්ද, ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 109කට කඩුලු 6ක්ද, අවසන් තරගයේදී ලකුණු 165කට කඩුලු 15ක්ද බිඳ හෙළීමට සමත් විය. අවසන් තරගයේ වීරයා හා ටෙස්ට් තරගාවලියේ වීරයා බවටද පත්වූ රංගන හේරත් තරගාවලිය පුරාවට වාර්තා රැසක් බිහි කිරීමට සමත් විය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.