Menu

logo new 2015-5-11

ලයිට් කැපෙනවලු

ලයිට් කැපෙනවලු

පවතින වියලි කාලගුණය තවදුරටත් පැවතියහොත් විදුලිය කැපීමේ අවදානමක් මතුව තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙන්නේ ජල විදුලි නිෂ්පාදනය මේ වනවිට 12% දක්වා අඩු වී ඇති බවයි.

ජල විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කරන බොහෝ ජලාශවල ජල මට්ටම 50% දක්වා අඩු වී ඇති අතර වර්ෂාව නොලැබුනහොත් එය දෛනිකව 01% බැගින් පහළ යාමට නියමිතය. විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ ජලාශවල ජල මට්ටම 20% දක්වා අඩු වූ විට විදුලි නිෂ්පාදනය නවතා දැමීමට සිදුවන බවයි. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ වර්ෂාව නොලැබුනහොත් සම්පූර්ණ ජල විදුලි නිෂ්පාදනය ඇණහිටිනු ඇත.

මෙරට සමස්ත විදුලි බල භාවිතයෙන් 41% ක් නොරොච්චෝල තාප බලාගාර තුළින් ලබාගන්නා අතර රජයට අයත් ජල විදුලි බලාගාරවල ධාරිතාවය සමස්ත විදුලි පරිභෝජනයෙන් 21% කි. කෙසේ වෙතත් ජල විදුලි නිෂ්පාදනය ඇණහිටීමේ අවදානමක් මතුව තිබෙන හෙයින් පෞද්ගලික අංශයෙන් විදුලි බලය මිලදී ගැනීමට සිදුව තිබේ. මේ වනවිටත් මෙගාවොට් 160 ක ධාරිතාවයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම සඳහා සැළසුම් කර තිබෙන බවයි ඉංජිනේරු සංගමය පෙන්වා දෙන්නේ.

LNW

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.