Menu

logo new 2015-5-11

ලසන්තගේ ගුණ සැමරේ, පරීක්ෂණය පසුවීම යහපලානයට දෙහි කපයි

ලසන්තගේ ගුණ සැමරේ, පරීක්ෂණය පසුවීම යහපලානයට දෙහි කපයි

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ 8 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ දී ඊයේ (8) පැවැත්විණි.

කථානායක කරු ජයසූරිය, ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන රවී කරුණානායක, මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, මංගල සමරවීර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අවස්ථාවට එක් වූ මාධ්‍ය වේදිනී මන්දනා ස්මයිල් මහත්මිය සදහන් කොට සිටියේ ඝාතන පරික්ෂණය ගැන සෑහෙන්න බෑ . වසර 8ක් වෙලත් කියන්න තරම් සාර්ථකත්වයක් නෑ. ජනවාරි 08 යහපාලනය බලයට පැමිණ කිව් දෙයක් තමයි. මාධ්‍ය ආයතනවලට හා ඝාතනය වූ මාධ්‍ය කරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා කියූවත් මේ වන තෙක් එය ඉටු කිරීමට සමත්වී නෑ.. රනිල් වික්‍රමසිංහ එවක විපක්ෂ නායකයාව සිටියදී පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කියූ දේ යළි සිහි එළවා ගන්නවා නම් හොදයි කියා මා මෙහිදී පවසා සිටිනවා යැයිද සදහන් කොට සිටියේය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.