Menu

logo new 2015-5-11

ආණ්ඩුව වට්ටනවා හිතුවා මදි හිටං - ජනපති

ආණ්ඩුව වට්ටනවා හිතුවා මදි හිටං - ජනපති

තමන් සමග එක්ව කවුරුත් අලුත් ආණ්ඩු හැදීමට අවශ්‍ය නැති බවත් ඒ සියලු දෙනා රට මුහුණදී සිටින සැබෑ තත්ත්වය වටහාගෙන පවතින ආණ්ඩුවම ඉදිරියට ගෙන යාම සඳහා එකතුවිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) අවධාරණය කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව ගෙවුණු දෙවර්ෂ පූර්ණය සහ තෙවසරක ඇරඹුම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති තිරසර යුගයක තෙවසර ඇරඹුම උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය.
අද සමහරු මේ ආණ්ඩුව පෙරළීමට සිහින දකින බවත් නමුත් කිසිම අවස්ථාවක ඒ සිහින සැබෑ නොවන බවත් ජනාධිපතිවරයා පැවැසීය. තවත් වසර 4කින් තිබෙන මැතිවරණ ගැන හෝ එදාට ජනතාවට ලබාදෙන සහන ගැන කතා නොකර අද දවසේ රට වෙනුවෙන් හා රටේ ජනතාව වෙනුවෙන් කළයුතු යුතුකම් ඉටුකිරීමට සියලු දෙනා එකතුවිය යුතු බවත් ඒ මහතා පැවැසීය.
කෝටි නම ලක්ෂයකට අධික ණයබරිත භාවයක් රටට උරුමකර දෙමින් ගෙනගිය “සැලෝලයිට්” සංවර්ධනයේ අමිහිරි ඵල අද රටේ ජනතාවට මුහුණදීමට සිදුවී ඇති බව පැවැසූ ජනාධිපතිවරයා ඒ සැබෑ තත්ත්වය වටහාගෙන රටට ගැළපෙන හා ඔරොත්තු දෙන සැබෑ සංවර්ධනයකට, දියුණුවකට පියනැගීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බවද පැවැසීය.
ජනාධිපති ධුරයේ තවත් වසර දෙකක් ගතකිරීමට තිබියදී මේ තිබෙන ආර්ථික අර්බුදවලට සහ ජාත්‍යන්තර බලපෑම්වලට බියේ ජනාධිපතිවරණයක් පවත්වා එදා ඔවුන් පැනගිය බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
නමුත් ඒ සියලු ආර්ථික අභියෝග ජයගෙන ජාත්‍යන්තර සහයෝගය හා සියලු විදේශීය ආධාර උපකාර රටට ලබාගෙන මේ රට ගොඩනගන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනමාධ්‍යයටද ගෙවුණු වසර දෙක තුළ සුවිශේෂී නිදහසක් වත්මන් රජය විසින් උරුමකරදුන් බව පැවැසූ ජනාධිපතිවරයා ඒ නිදහස රටේ යහපත හා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවනු ඇතැයි තමා බලා‍පොරොත්තු වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් රැසක් මීට සහභාගි වී සිටියහ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.