Menu

logo new 2015-5-11

ගිවිසුම කල් තබයි, කමිටුවක තීරණයෙන් පසු අත්සන් තබනවා - මලික් සමරවික්‍රම

ගිවිසුම කල් තබයි, කමිටුවක තීරණයෙන් පසු අත්සන් තබනවා - මලික් සමරවික්‍රම

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා චීන රජය හා එරට පෞද්ගලික අංශය සමඟ අස්සන් තැබීමට යෝජිත ගිවිසුම් සම්පාදනය කිරීමේ කටයුතු මෙහෙයවීමට ඉහළ පෙළේ ඇමැති අනු කමිටුවක් රජය පත්කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇමැති මණ්ඩලය මේ විශේෂ ඇමැති අනු කමිටුව පෙරේදා (4) පත් කළ බව උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම ප්‍රකාශ කෙළේය. විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සභාපතිත්වය දරන මේ කමිටුවට තවත් ඇමැතිවරු පහක් ඇතුළත් බවද මලික් සමරවික්‍රම මහතා කීය.

මුදල් අමාත්‍යාංශයේ ඊයේ (5) දහවල් පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මලික් සමරවික්‍රම මේ බව කියා සිටියේය.

මුදල් ඇමැති රවී කරුණානායක, වරාය හා නාවුක කටයුතු ඇමැති අර්ජුන රණතුංග, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක සහ තමා ඊට ඇතුළත් බවද මලික් සමරවික්‍රම මහතා කීය. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සඳහා ගිවිසුම් තුනක් අස්සන් තැබීමට නියමිතය. ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන රජය පාර්ශ්වයෙන් චයිනා මර්චන්ට් සමාගම අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමක් ආරම්භකර එය මෙරට ලියාපදිංචි කරන බව කී ඇමැතිවරයා ඒ සම්බන්ධ ගිවිසුමක් අස්සන් තැබෙනු බවද දන්වා සිටියේය. ඊට අමතරව මේ සමාගමට හම්බන්තොට වරාය බිමේ ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට 99 අවුරුදු බදු ක්‍රමයට ඉඩම් ලබාදීම පිළිබඳව ගිවිසුමක් අස්සන් තැබිය යුතු වේ. මේ ගිවිසුම් දෙකට අමතරව ශ්‍රී ලංකාව හා චීනය අතර වරාය සංවර්ධනය සම්බන්ධ ව්‍යාපෘතියේ මූලික එකඟතා ගිවිසුම අස්සන් තැබීමට ද සිදු කළ යුතු වෙයි. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසය නිමාවීමට පෙර මේ ගිවිසුම් තුනට අස්සන් තැබීමට හැකි වනු ඇතැයි මලික් සමරවික්‍රම මහතා බලාපොරොත්තු ‍පළ කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් අමූලික බොරු, අසත්‍ය ප්‍රචාර ගෙන යන බවද ඒවා තරයේම ප්‍රතික්ෂේප කරන බවද මලික් සමරවික්‍රමකීය.

මුදල් ඇමැති රවි කරුණානායක

පසුගිය ආණ්ඩුව අධික පොලියට චීනයෙන් ලබාගත් සුවිශාල ණය මුදල්වල වාරික හා පොලී ගෙවීමට රටේ බදු ගෙවන අහිංසක ජනතාවට භාර නොදීමේ අරමුණින් මේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ආ‍යෝජක පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය රජය බලාපොරොත්තු වන බව කීය. ඒ අනුව අපි චීනයට පමණක් නොවෙයි ඉන්දියාවට, ජපානය, කලාපයේ සෙසු රටවලට අපේ රටේ නව ආයෝජන සිදු කිරීමට පියවර ගන්නැයි ඉල්ලීමක් කළා. අද අපේ රටේ තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකේම එකමුතුවෙන් බිහි වූ ආණ්ඩුවක්. ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් තිබෙනවා. මේ වාගේ දේශපාලන සම්මුතියක් ඇති රටකටයි නව ආයෝජන එන්නේ. අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ලබාගෙන රටේ අහිංසක ජනතාවගේ ණය බර අඩු කරන්නට පියවර ගන්න ඕනෑ.

අලුත් කර්මාන්ත ඇති කරලා අලුතින් ඉහළ ආදායම් ලබන රැකියා අවස්ථා බිහි කරලා රට දියුණු කරන්න ඕනෑ. ඒ දේයි ‍දැන් සිදු වන්නේ. අපි කිව්වා ඉදිරි සති දෙක තුන ඇතුළත නව කර්මාන්ත ශාලා 30ක් ආරම්භ කරන බව. ඒ දෙයයි මේ සිදුවෙන්නේ.

ඒ වෙනස ඉවසා සිටින්නට බැරි ඒකාබද්ධ විපක්ෂය රට විශාල ණය උගුලක හිර කරපු ආර්ථිකය කා දැමූ අය අද සුදනෝ වාගේ කථා කරනවා. ඒකයි අපිට තිබෙන කණගාටුව මුදල් ඇමැතිවරයා කීය.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.