Menu

logo new 2015-5-11

අපේක්ෂා රෝහලෙ වෛද්‍යවරු 14ක් එක්වර ඩෙන්මාර්ක් යාම ගැන පරීක්ෂණයක්

අපේක්ෂා රෝහලෙ වෛද්‍යවරු 14ක් එක්වර ඩෙන්මාර්ක් යාම ගැන පරීක්ෂණයක්

මහරගම අපේක්ෂා රෝහලෙහි වෛද්‍යවරුන් 14 දෙනෙකු එක්වර ඩෙන්මාර්ක් රාජ්‍යෙයහි සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කොට සිටී.

මෙම වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යංශයේද අවසරයක් නොමැතිව මෙසේ එම රාජ්‍යය වෙත ගොස් ඇත්තේ සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමට බවද වාර්තාවේ.
පිළිකා රෝගින් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන රෝහලක ඒ සම්බන්ධයෙන්ම විශේෂඥ දැනුමකින් යුත් වෛද්‍යවරුන් පිරිසක් මෙසේ ඉන් බැහැර වීම සම්බන්ධයෙන් ගැටළුවක් මතුවන අතර පසුගිය කාලයේ පිළිකා එන්නත් හි මිල අඩුකිරීම හා එකී එන්නත පිළිකා රෝගීන්ට ලබානොදීමට කටයුතු කළ වෛද්‍යවරුන් පිරිසක් අදාළ රෝහලෙහි රාජකාරී කරමින් සිටි අතර අදාළ සම්මන්ත්‍රණය හා මෙකි වෛද්‍යවරුන්ගේ සම්බන්ධයක් පැවතියේද යන්න සම්බන්ධයෙන් කරුණු සේවීම සදහා කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාතංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.