Menu

logo new 2015-5-11

ජනපති අසනීපයි කී දා සවස මුසම්මිල්ට සමුදීමට යයි

ජනපති අසනීපයි කී දා සවස මුසම්මිල්ට සමුදීමට යයි

හිටපු කොළඹ නගරාධිපති එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා නව මැලේසියානු තනාපතිවරයා වශයෙන් පත් කොට තිබේ.

මෙලෙස නව මැලේසියානු තානාපතිවරයා ලෙස පත් වී යන මුසම්මිල් මහතා ඊයේ(04) සවස කොළඹ කින්ස්බරි හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වා ඇති අතර එම උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී ඇත.

එම උත්සවයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල් මහතාට සුභපැතුම් එක්කල අතර පැමිණි සිටි පිරිස සමග ජනාධිපතිවරයා සුහදශීලි සකාච්ජාවකද නිරත විය.

මෙම උත්සවයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රවී කරුණානායක, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද , ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක්ද, මුසම්මිල් මහතාගේ පවුලේ සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී වී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කොට ඇත්තේ ජනාධිපතිවරයා අසනීප යැයි පළ වූ පුවත අසත්‍ය පුවතක් බවයි 

AM

අප ද මේ පුවත වාර්තා කළ අතර අප වෙත ලැබුනු විශ්වසනීය පුවතකින් සදහන් කොට සිටියේ ජනාධිපතිවරයා අසනීප තත්වයක් හේතුවෙන් හෝමාගම පැවැත්වෙන උත්සවයට සහභාගී නොවන බවයි

 

 

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.