Menu

logo new 2015-5-11

බ්‍රසල්ස් නුවර මරාගෙන මැරෙන පිපිරුමෙන් 32 මරණයට පත්වේ.

බ්‍රසල්ස් නුවර මරාගෙන මැරෙන පිපිරුමෙන් 32 මරණයට පත්වේ.

බ්‍රසල්ස් නුවර උමං දුම්රිය ස්ථානයේ සිදු වූ පිපිරීමෙන් විසි දෙනකු මරුමුවට පත් වී ඇති බව එහි නගරාධිපතිවරයා පවසයි. උමං දුම්රිය තුළ සිටි එක සිය හය දෙනකු තුවාල ලබා ඇති බවත් ඔහු සඳහන් කොට තිබේ.

ඉන් දාහත් දෙනකු අසාධ්‍ය තත්වයේ පසු වන බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.
බ්‍රසල්ස් ගුවන් තොටුපල සහ උමං දුම්රිය ස්ථානය තුළ සිදු වූ පිපිරීම්වලට හසු වී මරුමුවට පත් සංඛ්‍යාව තිස් හතර දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පොලිසිය විසින් බ්‍රසල්ස් ගුවන් තොටුපලේ තිබී භාවිතා නොකරන ලද මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයා ගත් බව බෙල්ජියමයේ වීටීඑම් පුවත් ආයතනය පවසයි.
එහි තිබී රිෆල් තුවක්කුවක් හමු වූ බව මීට ඉහතදී වාර්තා විය.
ගුවන් තොටුපලේ සිදු වූ පිපිරීම් දෙකට හසු වී 15 දෙනකු මිය ගොස් ඇති බවත් 81 දෙනකු තුවල ලබා ඇති බවත් බෙල්ජියමයේ සෞඛ්‍යය අමාත්‍යංශය නිවේදනය කළේය.
මාල්බෙක් දුම්රිය ස්ථානයට එල්ල වූ ප්‍රහාරයට ගොදුරු වී මරුමුවට පත් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බව බ්‍රසල්ස් නුවර උමං දුම්රිය සේවය මීට ඉහතදී පැවසීය.
බ්‍රසල්ස් නුවර පොදු ප්‍රවාහන සේවා නවතා දමා ඇති අතර යුරෝපය පුරා ආරක්ෂාව තර කොට තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.