Menu

logo new 2015-5-11

ත්‍රස්තයින් කැම්පස් එකට එක දිගට වෙඩි තිබ්බා - පකිස්ථාන සරසවි සිසුවෙක් කියයි

ත්‍රස්තයින් කැම්පස් එකට එක දිගට වෙඩි තිබ්බා - පකිස්ථාන සරසවි සිසුවෙක් කියයි

ත්‍රස්තවාදීන් හතර දෙනෙකු පමණ විශ්වවිද්‍යාලය ඇතුලට පැමිණ එකදිගට වෙඩි තැබූ බවත් ඒ හේතුවෙන් මේ වනවිට මහාචාර්යවරයෙකු ඇතුලු 30 දෙනෙකු මිය ගිය බවත් පකිස්ථාන චාර්සද්දා විශ්වවිද්‍යාලයෙහි සිසුවෙකු විදෙස් මාධ්‍යයන්ට ප්‍රකාශ කොට ඇත.

පකිස්ථානයේ වයඹ දිග පිහිටි මෙම විශ්වවිද්‍යාලයට අද (20) උදෑසන මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කොට ඇත. මේ සදහා තලෙයිබාන් මාරාගෙන මැරෙන ප්‍රහාරකයින් 4 දෙනෙක් සම්බන්ධ බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය පිළිබඳ තලෙයිබාන් ප්‍රකාශකයෙකු AFP පුවත් සේවයට අදහස් දක්වමින් පවසා ඇත්තේ ඔවුන්ගේ බලකොටු වලට එල්ල වූ හමුදා ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කල බවයි.
මේ සදහා පැමිණ සිටි ත්‍රස්තයින් සියල්ල පැය 03 ක පමන සටනකින් පසු පරාජය කළ බව පකිස්ථාන හමුදාව පවසයි.
2014 දී පේෂාවර් නුවර පිහිටා ඇති පාසලකට එල්ල කළ තලෙයිබාන් ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් පාසල් සිසුන් 130ක් ජීවිතක්ෂයට පත්වූහ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.