Menu

logo new 2015-5-11

ලෝකේ ධනය බෙදී යන්නේ මෙහෙමයි

ලෝකේ ධනය බෙදී යන්නේ මෙහෙමයි

ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 1% සතු ධනස්කන්ධයේ වටිනාකම ලෝකයේ ඉතිරි 99% යක ජනගහනය සතු මුළු ධනයට වඩා වැඩි බව සමීක්ෂණ මගින් හෙලි වී තිබේ.

"ක්‍රෙඩිට් සුසී" නම් සමීක්ෂණ ආයතනය විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ සිදු කරන ලද සමීක්ෂණයකින් පසුව සොයා ගන්නා ලද මෙම දත්තයන් ඉදිරියේදී පැවැත්වෙන ලෝක නායකයන්ගේ අවධානයට යොමු කිරීමට නියමිත ය.

මීට අමතර ලොව ධනවත්ම පුද්ගලයින් 62 දෙදෙනා සතුව පමණක් ලෝක ජනගහනයෙන් අඩකගේ වත්කම් වලට වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් හිමි බව වාර්තා වී තිබේ.

මෙම ධනස්ථන්ධයෙන් වැඩි කොටසක් ලොව පුරා ඇති "බදු රහිත පාරාදීසයන් " තුළ රඳවා ඇති බව හෙලි වී තිබේ.

මේ සම්බන්ධව අදහස් පල කරන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆම් ආයතනය පවසා සිටින්නේ වත්මන් ලෝක ආර්ථිකය සියළු දෙනාටම සාධාරණය ඉටුකිරීම වෙනුවට ධනවතුන්ට සෞභාග්‍ය උදා කරවීම පමණක් ඉටුකෙරෙන ආකාරයට සැකසී ඇති බව යි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.