Menu

logo new 2015-5-11

නේපාලයේ ජනපති පුටුවට පළමු වරට කාන්තාවක්

නේපාලයේ ජනපති පුටුවට පළමු වරට කාන්තාවක්

නේපාලයේ ඉතිහාසයට නව පිටුවක් එක්කරමින් කාන්තාවක් ජනාධිපති අසුනට පත් වූවාය. කොමියුනිස්ට් පාක්‍ෂිකාවක වූ බිද්‍යා දේවි බන්ධාරී මහත්මිය මෙලෙස නේපාල ජනපති ධුරටය පත් වූ පළමු කාන්තාව බවට පත්වන්නීය.

දීර්ඝ කාලයක් පුරා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටි බන්ධාරි මහත්මිය නේපාල පාර්ලිමේන්තුවේ ඡන්ද 327 ක් ලබා ගනිද්දී ඇයට විරුද්ධ අපේක්‍ෂකයා ලබා ඇත්තේ ඡන්ද 214 ක් බව කතානායක ඕන්සාරි ඝර්ටි මගර් ප්‍රකාශ කළේය .

නේපාලයේ ජනාධිපතිවරයා නාමමාත්‍රික වන අතර ජාතික නායකයා වන්නේ අගමැතිවරයා යි.

මේ මස මුළදී තේරී පත් වූ අගමැතිවරයා වන ඛඩ්ගා ප්‍රසාද් ඔලි විසින් නායකත්වය දරණ පක්‍ෂයේ උප නායිකාව ද වන බිද්‍යා දේවි බන්ධාරී මහත්මිය 54 වැනි වියේ පසුවන්නීය.

1993 මෝටර් රථ අනතුරක් මගින් ඝාතනයට ලක් වූ මදන් බන්ධාරි ඇගේ ස්වාමි පුරුෂයා වන අතර එවකට පක්‍ෂයේ නායකත්වය දැරූ ඔහු ජනප්‍රිය දේශපාලන චරිතයකි. තම ස්වාමි පුරුෂයා සමගම දේශපාලනයේ නිරත වූ ඇය කාන්තාවන් වෙනුවෙන් මෙන්ම බිරේන්ද්‍ර රජුගේ අත්තනෝමතික පාලනයට විරුද්ධව නිරන්තර අරගලයේ යෙදුන තැනැත්තියකි.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.