Menu

logo new 2015-5-11

කොළඹ කොටස් වෙළදපොළ කඩා වැටේ

කොළඹ කොටස් වෙළදපොළ කඩා වැටේ

කොළඹ කොටස් වෙළදපොළ කඩා වැටේ

කොළඹ කොටස් වෙළඳපොළ කැපි පෙනෙන ලෙස පහළගොස් ඇත.දිනය නිමාවේ සියලු කොටස් මිල දර්ශක අගය දැක්වුණේ ඒකක7,231 ක් ලෙස ය. කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශක අගයපෙරේදා (24) දිනය තුළ ඒකක 126 කින් පහළ යමින් සති තුනක් තුළ වාර්තා වූ අවම අගය දක්වා පහළ ගියේය.

අද දිනයේදී ද එම දර්ශකය අගය ඒකක 99 කින් පහළ ගිය අතර එය සියයට 1දශම 3 යි 6 ක පහළ යාමක් ලෙස වාර්තා විය.ඒ අනුව ගෙවුනු දින දෙක තුළදි පමණක් කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 225 කින් හෙවත් සියයට 3 කින් පහළ ගොස් තිබේ.

මේ අතර චීනයේ පසුගිය වසර 30 ක් තිස්සේ වර්ධනය වූ භාණ්ඩ නිෂ්පාදන කටයුතු පහළ යැම හේතුවෙන් ආර්ථීක වර්ධනය වේගය අඩුවීම තුළ ඊයේ දිනය තුළදී ලෝව ප්‍රධාන කොටස් වෙළදපොළ රැසක් දැඩි පසු බෑමට ලක්විය.එහිදි චීන ෂැංහයි කොටස් වෙළඳපොළ වසර 7 කට පසුව වාර්තා කළ අඩුම අගය දක්වා පහළ යමින් සියයට 7.6 කින් පහළ වැටුනු අතර අද දිනයේදී ද එම කොටස් වෙළෙඳපොළ පහළ ගියේය.

මේ අතර ජපාන කොටස් වෙළඳපොළ ද සියයට 4 කින් පහළ වැටෙද්දී බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක කොටස් වෙළඳපොළ මිල ගණන් ද ශීඝ්‍ර පහත වැටීමකට ලක්විය.ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනය තුළ මතුව ඇති වත්මන් ආර්ථීක තත්ත්වය හමුවේ මේ වනවිට ලෝක තෙල් මිල ද ගෙවුනු වසර හයහමාරක කාලය තුළ වාර්තා වූ අවම අගය දක්වා පහළ වැටීමට ද ලක්ව තිබේ.

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.

back to top
Info for bonus Review bet365 here.